Skip links

මේ ඔබේ වාරයයි! ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනයට ඔබත් දායක වන්න.

විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය යනු රට තුළ සිවිල් සමාජය සමඟ හවුල්කාරීත්වයෙන් සහ එකිනෙකාගේ අත්දැකීම්වලින් ලබාගන්නා දැනුම හරහා විනිවිදභාවය ඉහළ නැංවීම, පුරවැසියන් බලගැන්වීම, දූෂණයට එරෙහිවීම සහ නව තාක්ෂණය යොදා ගනිමින් රාජ්‍යයන් සවිබලගැන්වීම සඳහා නිර්මාණය වූ බහුපාර්ශ්වීය වැඩසටහනකි.

 
මේ වන විට රටවල් 70කට වඩා වැඩි ගණනක් මෙන්ම තවත් ප්‍රාදෙශීය පාලන ඒකක රැසක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි සාමාජිකත්වය දරයි. බිලියන දෙකකට වඩා වැඩි ජනතාවක් මේ තුළින් නියෝජනය වන අතර සිවිල් සමාජ සංවිධාන දහස් ගණනකගේ දායකත්වය ද මෙයට ලැබේ. විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයට සහභාගී වන සියලුම රටවල් තෝරාගත් ක්ෂේත්‍ර තුළ (සෞඛ්‍ය, අධ්‍යාපනය, දූෂණය පිටුදැකීම ආදිය) යහපාලනය ඇති කිරීම පිණිස වසර දෙකකට අදාළ වන පරිදි ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ජනතාවගේ සහභාගීත්වය සහිතව සම්පාදනය කළ යුතු වෙයි.
 
2015 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයට සම්බන්ධ විය. එතැන් සිට ජාතික ක්‍රියාකාරී සැලසුම් දෙකක් සකස් වූ නමුත්, දේශපාලන අභියෝග සහ COVID-19 වසංගතය හේතුවෙන් 2019 සිට දෙවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියට යෑම ඇනහිට තිබුණි. කෙසේ වෙතත්, රජය මේ වන විට තුන්වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023-2025) සකස් කිරීම සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කර ඇත.
 
පහත සඳහන් QR කේතය හෝ වෙබ් සබැඳිය ඔස්සේ මෙම ක්‍රියාදාමයට ඔබටත් හවුල් විය හැක. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි ජාතික ක්‍රියාකාරී සැලැස්ම ශ්‍රී ලාංකික ජනතාවගේ සැබෑ අවශ්‍යතා සහ අභිලාෂයන් පිළිබිඹු කරන බව සහතික කිරීමට ඔබගේ ප්‍රතිචාර උපකාර වනු ඇත.
 
https://forms.gle/Y5ie5Y7S4LLo9z3NA වෙබ් සබැඳියට යොමු වන්න.
 
පසුගිය ජාතික ක්‍රියාකාරී සැලසුම් වෙත යොමු වන්න:
 
පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2016 – 2018): https://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2018/06/OGP-NAP-1-Sinhala.pdf 
 

දෙවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2018 – 2020): https://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2019/05/OGP%20NAP2%20Sinhala.pdf

Leave a comment

This website uses cookies to improve your web experience.