ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ලෝකයේ දූෂණයට එරෙහි ප්‍රමුඛතම සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ (TI) ශ්‍රී ලංකා ශාඛාවයි.
TI ආයතනය දූෂණ ක්‍රියාවල හානිකර බලපෑම් ගැන සියලු දෙනාගේ අවබෝධය වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර, ඒවැනි ක්‍රියා සාර්ථකව මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග රජයේ, ව්‍යාපාරික ප්‍රජාවේ හා සිවිල් සමාජයේ හවුල්කරුවන් සමඟ එකතුව නිර්මාණය කිරීම හා ක්‍රියාවේ යෙදවීම සිදු කරයි.
TI හට ජර්මනියේ බර්ලින් නුවර අන්තර්ජාතික ලේකම් කාර්යාලයක් ඇති අතර ලොව පුරා ශාඛා 100කට වැඩි ප්‍රමාණයක් ඇත.
TISL පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහි සටනට දායක වීමේ අරමුණ ඇතිවය. TISL ආයතනය 2002 අවසානයේ සිට සක්‍රීය මෙහෙයුම් ආරම්භ කළ අතර, එතැන් සිට දූෂණ විරෝධී ප්‍රමුඛයා ලෙස රටේ විවිධ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය දිනාගනිමින් ශක්තිමත් ආයතනයක් ලෙස ස්ථාපනය වී ඇත.
TISL සිය මූල්‍ය ප්‍රතිපාදන තමන් විසින්ම සපයා ගන්නා අතර, TI හි ස්වාධීන ශාඛාවක් ලෙස, තමන්ගේම අධ්‍යක්ෂ මණ්ඩලයක් පවත්වා ගනිමින් සිය උපාය මාර්ගික දිශාව සහ ප්‍රමුඛතා තීරණය කරයි.
දැනුම සපයන නායකයෙකු, උපදේශකයෙකු, පහසුකම් සපයන්නෙකු සහ දූෂණ විරෝධී කැදවුම්කරුවෙකුගේ භූමිකාවන් ඉටු කරමින්, TISL ආයතනය සුපිළිපන්නබව, විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය, සිවිල් සමාජය සහ පුරවැසියන් තුළ මෙම ගුණාංග වර්ධනයට කිරීමට TISL ආයතනය උත්සුක වේ.
ශ්‍රී ලංකාවේ දූෂණය පිටු දැකීම උදෙසා TISL ආයතනය මුර බල්ලකු ලෙස ක්‍රියා කරමින්, විවිධ තත්වයන් අධීක්ෂණය, තොරතුරු ගවේෂණය, ලේඛනගත කිරීම සහ වාර්තා කිරිම කරනු ලබයි. ඒ අතරම වරදකරුවන්ගේ වගවීම හා ඔවුන් සොරාගත් දේපල නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් දිගටම හඬ නගනු ලබයි. මහජන දේපල අවභාවිතය ගැන වැඩි අවධානයක් යොමු කරමින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු ද සිදු කරනු ලබයි. දූෂණ විරෝධී සටනට දායක වීමට ජනතාව දැනුමෙන් සහ උපාංගවලින් බල ගැන්වීමට ද කටයුතු කරයි.
TISL ආයතනය සෑම වසර 5කට වරක් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර එහි උපායමාර්ගික සැලැස්ම සකස් කරන අතර සෑම වසරකම එය සමාලෝචනය කරයි. දේශීය සහ ජාත්‍යන්තර වෙනස්වීම් වලට අනුගත වීමට මෙය උපකාරී වේ.
දේශපාලන අංශය, රාජ්‍ය සේවා අංශය, පුද්ගලික අංශය සහ ප්‍රජා අංශය යන අංශ හතරක වැඩ කරමින්, TISL ආයතනය සිය කාර්යය ඉටු කීරීමෙහිලා උපායමාර්ගික ප්‍රවේශයක් ගනී. (වැඩි විස්තර ලබා ගැනීමට https://www.tisrilanka.org/sectors-thematic-areas/ වෙත ප්‍රවේශ වෙන්න.)
අපගේ අරමුදල්
TISL ආයතනයට අරමුදල් සැපයෙන්නේ ජාත්‍යන්තර ආයතනික පරිත්‍යාගශීලීන් විසින් සපයනු ලබන ව්‍යාපෘති අරමුදල් සහ ආයතනික අරමුදල් මගිනි. ආයතනික පරිත්‍යාගශීලීන්ගේ ව්‍යාපෘති අරමුදල්වලින් සමහරක් ලැබෙනුයේ TI ලේකම් කාර්යාලය හරහාය. (දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා ඒවාට මූල්‍ය දායකත්වය දෙනු ලබන පාර්ශව දැනගැනීම සඳහා https://www.tisrilanka.org/ongoing-projects/ වෙත පිවිසෙන්න).
අපගේ දැක්ම
සුපිළිපන්බව අගයන දේශයක්
අපගේ මෙහෙවර
සමානාත්මතාවයෙන් යුත්, සාමකාමි සහ යුක්තිගරුක ශ්‍රී ලංකාවක් අනාගතයේ ගොඩනැගීම උදෙසා දූෂණය මුලිනුපුටා දැමීමේ සාමූහික ප්‍රයත්නයට දායක වීම.