Skip links

ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති

පොදුරාජ්‍ය මණ්ඩලීය පදනම (Commonwealth Foundation)

කාලසීමාව- 2022 ජූලි 1 වනදා සිට 2024 ජූනි 30 වනදා දක්වා
පරිත්‍යාග කරන මුදලේ වටිනාකම (දායකයාගේ මුදල් ඒකකයෙන්) – බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 34,500
ව්‍යාපෘතියේ අරමුණු-
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යට අදාළ ප්‍රසම්පාදන කටයුතු වලදී විවෘත කොන්ත්‍රාත් ක්‍රමය භාවිත කිරීමට පුරවැසි සහභාගීත්වය ලබා ගැනීම සහ උද්දේශනය කිරීම.
1. සිවිල් සමාජය සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන් විසින් සෞඛ්‍ය අංශයේ ප්‍රසම්පාදනය අධීක්ෂණය කරන අතර විවෘත කොන්ත්‍රාත් ක්‍රමයට යොමුවන ලෙස උද්දේශනය කරයි.
2. පුරවැසියන් මහජන සෞඛ්‍යට අදාළ ප්‍රසම්පාදන කටයුතු අධීක්ෂණය සහ වාර්තා කිරීම සිදු කරයි.

යුරෝපා හවුල- European Instrument for Democracy and Human Rights

කාලසීමාව- 2021 ජනවාරි 1 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා
පරිත්‍යාග කරන මුදලේ වටිනාකම (දායකයාගේ මුදල් ඒකකයෙන්) – යූරෝ 569,981
ව්‍යාපෘතියේ අරමුණු-
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) වැඩිදියුණු කිරීම හරහා ජනමාධ්‍ය ශක්තිමත් කිරීම.
1. ගවේෂණාත්මක මාධ්‍යවේදය, මාධ්‍ය අධ්‍යාපනය සහ අන්තර්ජාල මාධ්‍ය සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම මගින් ජනමාධ්‍ය කලාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම.
2. තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රචලිත කිරීම මගින්, විනිවිදභාවය සහ විවෘත පාලනය වැනි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම. ස්වාධීන සහ බහුවිධ ප්‍රවේශයක් ගන්නා මාධ්‍යවල සහාය ඇතිව, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ශක්තිමත් ලෙස භුක්ති විඳීමට සහාය වීම.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ලේකම් කාර්යාලය
යුරෝපා හවුල – (Strengthening Accountability Networks Among Civil Society- SANCUS)

කාලසීමාව- 2021 ජනවාරි 1 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා
පරිත්‍යාග කරන මුදලේ වටිනාකම (දායකයාගේ මුදල් ඒකකයෙන්) – යූරෝ 205,464.20
ව්‍යාපෘතියේ අරමුණු-
සිවිල් සමාජය අතර වගවීම සම්බන්ධ ජාලයන් ශක්තිමත් කිරීම: ආසියා පැසිෆික් රටවල කලාපීය සම්බන්ධීකරණය සහ රට තුළ සිදු කරන ක්‍රියාකාරකම්
1. ඉහළ අවධානයක් ලබා ගැනීම, උපායමාර්ගික උද්දේශනය සහ පුළුල් ජාල ගොඩ නැංවීම හරහා, වැඩි වගවීමක් සහ සුපිළිපන්නභාවයක් ඉල්ලා හඬ නඟන තත්වයට සිවිල් සමාජ සංවිධාන සහ අනෙක් පුරවැසියන් බලමුලු ගැන්වීම.
2. උපදේශනය සහ ගැටළු වලට ප්‍රතිකර්ම යෙදීමේ යාන්ත්‍රණයන් සඳහා රාජකාරි උසුලන්නන් සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වීමට සිවිල් සමාජ සංවිධාන වලට සහාය වීම. ප්‍රතිපත්ති සහ අයවැය කාලරාමු පිළිබදව රාජකාරි උසුලන්නන්ගේ ප්‍රතිචාරය අධීක්ෂණය සහ පරීක්ෂා කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන වලට සහාය වීම.
3. ශක්තිමත් පාර්ලිමේන්තු අධීක්‍ෂණ ක්‍රියාවලියක් සඳහා උද්දේශනය කිරීමට සිවිල් සමාජ සංවිධාන වලට සහාය වීම. ඩිජිටල් තාක්‍ෂණයන් භාවිතා කරමින් ක්‍රමානුකූලව අධීක්‍ෂණය කිරීම මඟින්, සහ කාර්ය සාධනය පිළිබඳ මහජනතාවගෙන් ලැබෙන වාර්තා මත පදනම්ව, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී වගවීමේ ආයතන සහ යාන්ත්‍රණ වෙනුවෙන් පෙනී සිටීමට සිවිල් සමාජ සංවිධාන වලට සහාය වීම.

Foundation Open Society Institute (FOSI)

කාලසීමාව- 2021 ඔක්තෝම්බර් 1 සිට 2023 දෙසැම්බර් 31 දක්වා
පරිත්‍යාග කරන මුදලේ වටිනාකම (දායකයාගේ මුදල් ඒකකයෙන්) – ඇමරිකානු ඩොලර් 250,000.
ව්‍යාපෘතියේ අරමුණු-
තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආයතනික සහාය ලබා දීම.
1. දූෂණ ක්‍රියා අවබෝධ කර ගැනීමට සහ ඒවාට එරෙහි වීමට පුරවැසියන් බලගැන්වීම සහ එකරාශී කිරීම.
2. දේශපාලන බලය අනිසි ලෙස භාවිතා කිරීම අවම කරන වගවීමේ පද්ධති වෙනුවෙන් පෙනී සිටීම.
3. විනිවිදභාවයෙන්යුතු සහ වගවීමෙන් යුතු රාජ්‍ය අංශයකට සහාය වීම.
4. පුද්ගලික අංශයේ වගවීම වැඩි දියුණු කිරීම සඳහා පහසුකම් සැලසීම.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ලේකම් කාර්යාලය
(DFAT – STRONGG- විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව (ඕස්ට්‍රේලියාව)

කාලසීමාව- 2020 දෙසැම්බර් 1 වනදා සිට 2023 අගෝස්තු 31 වනදා දක්වා
පරිත්‍යාග කරන මුදලේ වටිනාකම (දායකයාගේ මුදල් ඒකකයෙන්) – යූරෝ 149,896
ව්‍යාපෘතියේ අරමුණු-
අදාළ පාර්ශවයන්ගේ වගවීම ඉල්ලා දැනුම්වත් සහ ක්‍රියාකාරී මහජන පෙළ ගැස්මක් ඇති කිරීම තුළින් යහපාලනයට සහාය වීම.
1. වගවීම ඉල්ලා සිටින පුරවැසි හඬ ශක්තිමත් කිරීම.
2. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ආයතනික ධාරිතාව ඉහළ නැංවීම තුළින් වගවීම සහ යහපාලනය ඇති කිරීම.
3. සිවිල් සමාජයේ දායකත්වයෙන් රජයේ සෑම තරාතිරමකම දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශක්තිමත් නීති සහ ප්‍රතිපත්ති සකස් කිරීම.

ආසියානු පදනම (Asia Foundation)

කාලසීමාව- 2020 මැයි 1 වනදා සිට 2022 ජූලි 31 වනදා දක්වා
පරිත්‍යාග කරන මුදලේ වටිනාකම (දායකයාගේ මුදල් ඒකකයෙන්) – ඇමරිකානු ඩොලර් 244,822.68
ව්‍යාපෘතියේ අරමුණු-
1. පොදු දේපළ අවභාවිතය පිළිබඳ සොයා බැලීමට තාක්ෂණය භාවිතා කිරීම.
2. පොදු දේපල අවභාවිතය පිළිබඳ නිරීක්ෂණය කෙරෙමින් පවතින අතර, එම දත්ත විශ්ලේෂණය සිදු කෙරේ.
3. 2020 මහ මැතිවරණයේදී, පොදු දේපල අවභාවිතය සොයා බැලීමට ‘අපේ සල්ලි’ යෙදවුම නිර්මාණය කිරීම.
4. දූෂණ විරෝධයට සහ පාලනයට අදාළ කරුණු සම්බන්ධයෙන්, මහජනතාවට TISL වෙත පැමිණිලි කිරීමට පාරිභෝගික අවශ්‍යතාවන් අනුව සකස් කළ අන්තර්ජාල යෙදවුමක් මඟින් අවස්ථාව ලබා දීම.
5. 2020 පළාත් සභා මැතිවරණය සඳහා ‘අපේ සල්ලි’ යෙදවුම භාවිත කිරීම මඟින් එය පොදු දේපළ අවභාවිතය පිළිබඳව සෙවීමට යොදා ගැනීම ප්‍රචලිත කිරීම, සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව සෙවීමට තාක්‍ෂණය භාවිත කිරීම.

Center for International Private Enterprise (CIPE)

කාලසීමාව- 2022 ඔක්තෝම්බර් 1 වනදා සිට 2024 සැප්තැම්බර් 30 වනදා දක්වා
පරිත්‍යාග කරන මුදලේ වටිනාකම (දායකයාගේ මුදල් ඒකකයෙන්) – ඇමරිකානු ඩොලර් 107,169
ව්‍යාපෘතියේ අරමුණු-
අභ්‍යන්තර දූෂණ අවම කිරීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ධාරිතාව වැඩි දියුණු කිරීම.
1. දූෂණ අවදානම් තත්ව හඳුනා ගැනීමට සහ එවැනි තත්ව අවම කිරීමේ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීමට පුද්ගලික අංශයේ ධාරිතාව වැඩි දියුණු කිරීම.
2. පුද්ගලික අංශයේ දූෂණය මෙන්ම දූෂණයට එරෙහි වීම සඳහා පුද්ගලික අංශයේ ඇති ප්‍රවේශයන් පිළිබඳ දැනුම වර්ධනය කිරීම.
3. ‘දූෂණයට එරෙහි පුද්ගලික අංශයේ සන්ධානය’ ආරම්භ කිරීම.

Foundation Open Society Institute (FOSI) – සිවිල් සමාජයේ මූලිකත්වයෙන් කෙරෙන ව්‍යාපෘතිය

කාලසීමාව- 2023 මාර්තු 15 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා
පරිත්‍යාග කරන මුදලේ වටිනාකම (දායකයාගේ මුදල් ඒකකයෙන්) – ඇමරිකානු ඩොලර් 50,000
ව්‍යාපෘතියේ අරමුණු-
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා දූෂණ විරෝධී සහ පාලන ප්‍රතිසංස්කරණ ගෙන ඒම පිළිබඳ ගැඹුරින් හැදෑරීම සඳහා සාමූහික සිවිල් සමාජ ක්‍රියාකාරකම් සිදු කිරීම.

This website uses cookies to improve your web experience.