මෑතකදී එළිදක්වන ලද ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ වාර්තාව පිළිබඳ පුහුණුකරුවන් දැනුම්වත් කිරීමේ සැසියක් (Training of Trainers) දිවයින පුරා පිහිටුවා ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ මධ්‍යස්ථානවල සිටින කාර්යමණ්ඩලය සඳහා පසුගිය බදාදා (මාර්තු 6) TISL ආයතනය විසින් පවත්වන ලදී. බිම් මට්ටමේ සිටින ප්‍රජාවට වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ දැනුම ලබා දීමට හැකි වන පරිදි ඔවුන් පුහුණු කිරීම මෙහි අරමුණ විය.
මෙම වැඩසටහන කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දවස පුරා පැවැත්විණි. අදාළ වාර්තාව සැකසීමට හේතු වූ කරුණු, එහි දැක්වෙන නිර්දේශ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් යෝජනා කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට එම නිර්දේශ වල ඇති සමානාත්මතාවය, ඒවා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම යනාදිය TISL ආයතනයේ උද්දේශන සහ පර්යේශන අංශය විසින් පවත්වන ලද මෙම වැඩසටහනේදී ගැඹුරින් සාකච්ඡා කරන ලදී.