Skip links

දූෂණය පිටුදැකීම පිළිබඳ දැනුම්වත් කිරීමේ සැසි

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) 2023 දෙසැම්බර් මස, රාජ්‍ය ඉඩම් සම්බන්ධ දූෂණ ගැටලු වැළැක්වීමේ අරමුණින් ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම පිළිබඳව රජයේ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡාවක් වව්නියාවේදී පැවැත්විය. මෙම රැස්වීමට වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා, වවුනියාව ප්‍රාදේශීය ලේකම්වරු හතර දෙනෙක්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මීට අමතරව, TISL ආයතනය විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ වාර්තාව සහ නව දූෂණ විරෝධී පනත පිළිබඳව RTI මධ්‍යස්ථාන වල සාමාජිකයින් සහ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ සැසියක් හබරණදී පවත්වන ලදී.

හන්තාන වතුයායේ වතු කම්කරුවන් සහ Domestic Workers’ Union නැමැති සංගමයේ සාමාජිකයින් සඳහා අල්ලස, දූෂණ විරෝධය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ පුහුණු සැසියක් සහ ජංගම නීති සායනයක් පැවැත්වීම TISL ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ සංවිධානය කළ තවත් ක්‍රියාකාරකමක් විය. මෙවැනි වැඩසටහන් පුත්තලම, බදුල්ල, වවුනියාව සහ මන්නාරම යන ප්‍රදේශවල ප්‍රජාව සඳහා ද පවත්වන ලදී.

Leave a comment

This website uses cookies to improve your web experience.