2024 මහ මැතිවරණයේදී රාජ්‍ය මුදල්, වාහන සහ රාජ්‍ය බලය හෝ තනතුරු අවභාවිතය සම්බන්ධ පැමිණිලිවල සැලකිය යුතු අඩුවීමක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් නිරීක්ෂණය කරන ලදී.
පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ පැමිණිලි 33ක් සහ රාජ්‍ය වාහන අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 48ක් වාර්තා වූ නමුත්, මෙවර මහ මැතිවරණ සමයේ වාර්තා වූයේ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ පැමිණිලි තුනක් සහ රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් වූ එක් පැමිණිල්ලක් පමණි. මෙම මැතිවරණයේදී රාජ්‍ය බලය හෝ තනතුරු අවභාවිතය පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නැත.
පසුගියදා අවසන් වූ මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා TISL ආයතනය සහභාගී වූයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමිනි. මේ සඳහා මැතිවරණ නිරීක්ෂකයින් 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යොදවන ලදී. TISL ආයතනය වෙත ලැබුණු මුළු පැමිණිලි සංඛ්‍යාව 1,092ක් වන අතර, ඉන් බහුතරයක් (889ක්) පොදු ස්ථානවල නීති විරෝධී ලෙස පෝස්ටර්, කටවුට් සහ බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙනි.
දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ප්‍රවර්ධනය වන අයුරින් ක්‍රියා කළ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ TISL ආයතනය වෙත පැමිණිලි 63ක් ලැබී ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී මෙවැනි සිද්ධීන් 155ක් වාර්තා වූ අතර, මෙවර එම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇත.
TISL ආයතනය වෙත ලැබුණු අනෙක් පැමිණිලි පහත පරිදි වේ.
- මැතිවරණ ප්‍රචාරක කාර්යාල ආශ්‍රිත නිති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 30ක්,
- දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය හෝ සංවර්ධන රැස්වීම් භාවිතා කිරීම සම්බන්ධ පැමිණිලි 25ක්,
- මැතිවරණ ප්‍රචාරය සඳහා භාණ්ඩ හා සේවා බෙදා හැරීම සම්බන්ධ පැමිණිලි 20ක්,
- මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන්ගේ උසස්වීම්, තනතුර පහත හෙලීම හෝ ස්ථාන මාරු කිරීම් සම්බන්ධ පැමිණිලි 15ක්,
- රාජ්‍ය අනුග්‍රහය ලබන සංවර්ධන ව්‍යාපෘති මැතිවරණ වාසි සඳහා යොදා ගැනීම, සහ ජීවනෝපාය ආධාර සහ දීමනා බෙදා හැරීම සම්බන්ධ පැමිණිලි 6ක්, සහ
- වෙනත් පැමිණිලි 23ක්,
ලෙස ඒවා කාණ්ඩ ගත කළ හැක.
ඒවායින් පැමිණිලි 900 කට අධික ප්‍රමාණයක් සත්‍යාපනයෙන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලදී.
මැතිවරණ දිනයේදී, TISL ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු නිරීක්ෂකයින් 240ක් ඡන්ද මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා යොදවන ලදී. මැතිවරණයට අදාළව බරපතල ගණයේ සිදුවීම් කිසිවක් වාර්තා නොවූ අතර, ඡන්දදායකයින්ට බලපෑම් කිරීම, නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු, ඡන්ද මිලට ගැනීමට තැත්කිරීම් ආදිය සම්බන්ධයෙන් පැමිණිලි 215ක් වාර්තා විය. මැතිවරණ කොමිෂන් සභාව සමඟ එක්ව මෙම ගැටලු බොහොමයක් ක්ෂණිකව විසඳන ලදී.
සමස්තයක් ලෙස, පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී සහ සන්සුන් වූ අතර, මැතිවරණ සංස්කෘතියේ ධනාත්මක වෙනසක් පිළිබිඹු කළේය. සුමට හා විනිවිද පෙනෙන මැතිවරණ ක්‍රියාවලියක් සඳහා කැපවූ මැතිවරණ කොමිසම, පොලිසිය, දේශපාලන පක්ෂ සහ අනෙකුත් සියලු පාර්ශවකරුවන්ට TISL ආයතනයේ කෘතඥතාවය හිමි වේ.
කෙසේ වෙතත්, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 69 දක්වා පහත වැටීම තුළ, තම ඡන්ද අයිතිය භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරයි.