Skip links

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දූෂණය: දකුණු පළාත තුළ පුහුණු වැඩසටහන්

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දූෂණය පිටු දකිමු යන තේමාව යටතේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් පසුගියදා දකුණු පළාත ආවරණය වන පරිදි පුහුණු වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. අම්බලන්තොට, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල පැවති මෙම සාකච්ඡා සඳහා සිවිල් සමාජ සංවිධාන සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මධ්‍යස්ථානවල නියෝජිතයින් සහභාගී විය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියේ වත්මන් තත්ත්වය සහ ගැටලු මෙන්ම ඒවාට බලපා ඇති හේතු සාකච්ඡා කරන අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි තීරණ, අනිසි කළමනාකරණය සහ දූෂණ හේතුවෙන් බදු ගෙවන්නන්ගේ මුදල් අවභාවිත වන සහ නාස්ති වන ආකාරය පිළිබඳව මෙහිදී කරුණු පෙන්වා දෙන ලදී.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන දූෂණ පිළිබඳව ප්‍රජා මට්ටමෙන් අධීක්ෂණය කිරීම, කරුණු සෙවීම සහ වාර්තා කිරීම පිළිබඳව සහභාගිවන්නන් දැනුම්වත් කරන ලදී. දූෂණයට එරෙහිව උද්දේශනය කරන ලෙස ඔවුන් දිරිමත් කරන ලද අතර, මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සඳහා යෝජිත විසඳුම් ද සාකච්ඡා කෙරිණි.

Leave a comment

This website uses cookies to improve your web experience.