ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන්, ප්‍රජා නායකයින්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයින් ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව පිළිබඳ දැනුම්වත් කිරීමේ සැසි මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වනු ලබයි.
ඒ අනුව, මැයි 11 වැනිදා කාන්තා දේශපාලනඥයින් ඉලක්ක කරගනිමින් සහ මැයි 10 වැනිදා දකුණු පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයින් ඉලක්ක කරගනිමින් දැනුම්වත් කිරීමේ සැසි දෙකක් පැවැත්වන ලදී.
අදාළ වාර්තාව සැකසීමට හේතු වූ කරුණු, එහි අන්තර්ගතය සහ නිර්දේශ පිළිබඳව ඔවුන්ට දැනුම ලබා දීම මෙම වැඩසටහන් වල අරමුණ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් යෝජනා කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට එම නිර්දේශ වල ඇති සමානාත්මතාවය, ඒවා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම යනාදිය මෙම වැඩසටහන් වලදී ගැඹුරින් සාකච්ඡා කරන ලදී. පැමිණ සිටි පිරිසගේ සක්‍රීය සහභාගීත්වය මෙම වැඩසටහන් වලදී නොඅඩුව ලැබුණි.
මීට අමතරව, හම්බන්තොට, යාපනය, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල RTI මධ්‍යස්ථාන සමඟ සම්බන්ධීකරණය කරමින් ප්‍රජා නායකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් සඳහා දැනුම්වත් කිරීමේ සැසි පවත්වන ලදී. එහිදී, වාර්තාවේ නිර්දේශ වඩා සිත් ගන්නා සුලු ආකාරයට ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍යකරණ ගැටළු හඳුනා ගැනීම සඳහා වූ කණ්ඩායම් ක්‍රියාකාරකම් භාවිතා කරන ලදී.