ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI), සහ අල්ලස සහ දූෂණය පිටුදැකීම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා පසුගිය සති දෙක තුළ විවිධ සමාජ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ජංගම නීති සායන සහ පුහුණු සැසි කිහිපයක් පවත්වන ලදී.
ගාල්ල දිස්ත්‍රික්කයේ රෙජිස්ට්‍රාර්වරුන් 47 දෙනෙකුගෙන් පමණ වූ කණ්ඩායමක් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය සහ අල්ලස සහ දූෂණය පිටුදැකීම පිළිබඳ පුහුණු සැසියක් 2023 නොවැම්බර් 21 දින ගාල්ල කලුවැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. එවැනිම වූ තවත් වැඩසටහනක් කළුවාමෝදර, අලුත්ගම ප්‍රදේශයේ ප්‍රජාව සහ දිසාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් 24 පවත්වන ලදී.
2023 නොවැම්බර් 19 දින මාතලේ රත්තොට ප්‍රාදේශීය සභා ශාලාවේ දී ජංගම නීති සායනයක් සමඟ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ දූෂණ විරෝධය පිළිබඳ පුහුණු සැසියක් පවත්වන ලදී. තවත් එවැනි නීති සායනයක් සහ දැනුම්වත් කිරීමේ සැසියක් 2023 නොවැම්බර් 29 දින ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කින්නියා ප්‍රදේශයේ තරුණ සංවිධාන සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් 2023 නොවැම්බර් 20 වැනි දින පැවැත්විණි. අකුරැස්ස, දික්වැල්ල සහ ගන්දර ප්‍රජා සාමාජිකයන් සඳහා තොරතුරු දැනගැනීමේ පුහුණු සැසි තුනක් 2023 නොවැම්බර් 27 සහ 28 යන දිනවල පැවැත්විණි.