ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සමඟ එක්ව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සහ එම දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සඳහා ‘වඩා හොඳ මහජන සේවයක් සඳහා වූ මාර්ග සිතියම’ යන මැයින් වූ පුහුණු වැඩමුළුවක්, පසුගියදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී අතිරේක දිස්ත්‍රික් ලේකම් බී.ටී.ජී. අයි.කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සාමාන්‍ය ජනතාවට වඩා හොඳ සේවාවක් ලබා දීමේ අරමුණින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දිවයින පුරා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් සවිබල ගැන්වීම සහ දැනුම්වත් කිරීම සඳහා පවත්වන එක්දින පුහුණු වැඩමුළු මාලාවේ කොටසක් ලෙස මෙය පැවැත්විනි. සුපිළිපන්නතාව, වගවීම, විනිවිදභාවය සහ කාර්යක්‍ෂමතාව ඉහළ මට්ටමෙන් පවත්වාගෙන යමින් රාජ්‍ය සේවය ලබා දීමේ වැදගත්කම ඔවුන්ට මෙම වැඩමුළුවේදී පෙන්වා දෙන ලදී.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බී. ඒ. ඩී. ඩී. ඩබ්ලිව්. සිරිවර්ධන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් එච්. ඒ. ජී. නිසංසලා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජයසිංහ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරි එම්. ඒ. ආර්. දිල්ශානි සහ TISL ආයතනයේ වැඩසටහන් කළමණාකාරිනි (දේශපාලන අංශය) පියුමි මධුෂානි මෙම පුහුණු සැසිය මෙහෙයවන ලදී.
රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම තුළින් මහජන ප්‍රසාදය දිනා ගැනීම සඳහා වන ප්‍රායෝගික උපාය මාර්ග පිළිබඳ ප්‍රවීණයන්ගේ දැනුම බෙදා හදා ගැනීම මෙම සැසියේදී සිදු විය.