ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සමඟ එක්ව, පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය පරිපාලනයේ නිරත නිලධාරීන් සඳහා ‘වඩා හොඳ මහජන සේවයක් සඳහා වූ මාර්ග සිතියම’ යන මැයින් වූ පුහුණු වැඩමුළු දෙකක්, 2024.04.05 සහ 06 දෙදින පුරා එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සාර්ථකව පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාල සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අවම කර ගනිමින් සාමාන්‍ය ජනතාවට වඩා හොඳ සේවාවක් ලබා දීමේ අරමුණින්, ස්වදේශ කටයුතු අමාත්‍යයාංශය විසින් දිවයින පුරා ප්‍රාදේශීය පරිපාලනයේ නිරත නිලධාරීන් සඳහා පවත්වන එක්දින පුහුණු වැඩමුළු මාලාවේ කොටසක් ලෙස මෙය පැවැත්විනි. සුපිළිපන්නතාව, වගවීම, විනිවිදභාවය සහ කාර්යක්‍ෂමතාව ඉහළ මට්ටමෙන් පවත්වාගෙන යමින් රාජ්‍ය සේවය ලබා දීමේ වැදගත්කම ඔවුන්ට මෙම වැඩමුළුවේදී පෙන්වා දෙන ලදී.
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් නීල් ද අල්විස් සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් (විමර්ශන) ධම්මික මුතුගල ප්‍රධාන දේශනා පැවැත්වූ අතර, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්බන්ධයෙන් TISL ආයතනයේ වැඩසටහන් නිලධාරී සකුන්තලා සෙනරත් විසින් දේශනයක් පවත්වන ලදී.