Skip links

මාතර දිස්ත්‍රික් අන්තර් යෞවන සමාජ විවාද තරගාවලිය

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ජාතික තරුණ සේවා සභාව, මාතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය එක්ව සංවිධානය කළ මාතර දිස්ත්‍රික් අන්තර් යෞවන සමාජ විවාද තරගාවලිය පසුගියදා සාර්ථකව නිමා විය.

රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී දෙදිනක් පුරා දූෂණ විරෝධය ඇතුළු සමකාලීන තේමාවන් ඔස්සේ පැවැති තරගාවලියට පාසල් විවාද කණ්ඩායම් හතරක් ඇතුළුව කණ්ඩායම් 14ක් සහභාගී විය. සජීවී වාද විවාදවලින් අනතුරුව ශූරතාව මාතර රහල් යෞවන සමාජය දිනා ගත් අතර, අනුශූරතාව රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට හිමි විය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය නියෝජනය කරන නීතීඥවරුන්ගෙන් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුලු හතරක් විසින් ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන, වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය තුසිත ගුණවර්ධන, TISL ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා සංඛිතා ගුණරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මෙම තරඟාවලියේ සම්මාන උළෙල විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Leave a comment

This website uses cookies to improve your web experience.