Skip links

පොලිස් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන්- මාතර සහ හම්බන්තොට

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් පසුගියදා මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පොලිස් නිලධාරීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) සහ අල්ලස සහ දූෂණයට එරෙහි වීම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී.

මාතර දිස්ත්‍රික්කයේ මෙම පුහුණු වැඩසටහන සඳහා පොලිස් ස්ථාන 21ක නිලධාරීන්, ප්‍රජා පොලිස් ඒකක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් සහභාගි වූහ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම පුහුණු වැඩසටහන සඳහා පොලිස් ස්ථාන 16 ක පොලිස් නිලධාරීන් සහභාගී විය.

තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වා දීම, එහි සමස්ත ක්‍රියාපටිපාටිය පිළිබඳ අවබෝධයක් ලබා දීමට අමතරව, දූෂණ සහ වංචා වලට එරෙහි වීම සහ එවැනි අවස්ථාවල ගත යුතු ක්‍රියාමාර්ග, යහපාලන භාවිතයන් පිළිබඳ අවබෝධයක් මෙම සැසි මගින් ලබා දෙන ලදී.

Leave a comment

This website uses cookies to improve your web experience.