ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් දැනුම්වත් කිරීමට සහ ඔවුන් සමඟ සම්බන්ධ වීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් නේවාසික වැඩමුළුවක් සංවිධානය කරන ලදී. මාර්තු 13 සිට 15 දක්වා ගල්කිස්ස බර්ජායා හෝටලයේදී පැවැති මෙම වැඩසටහනට ශ්‍රිපාලි මණ්ඩපය, රජරට, යාපනය, රුහුණ සහ නැගෙනහිර විශ්වවිද්‍යාල නියෝජනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50 දෙනෙකු පමණ සහභාගී විය. ශ්‍රී ලංකාවේ වත්මන් සන්දර්භය පිළිබඳව TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදිෂානි පෙරේරා මහත්මිය උපාධි අපේක්ෂකයින් සමඟ සුහද සාකච්ඡාවක් මෙහෙයවීය. දූෂණයට හා අල්ලසට විරුද්ධ වීම, සුපිළිපන්න බව ආදී මාතෘකා පිළිබඳව දැනුම බෙදාගැනීමේ සැසි TISL ආයතනයේ කාර්යමණ්ඩලයේ සම්පත් දායකත්වය සහිතව මෙහිදී පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහිව තරුණ තරුණියන් බලමුළු ගැන්වීම මෙම වැඩමුළුවේ අරමුණ විය.