Skip links

නව දූෂණ විරෝධී පනත පිළිබඳ පුහුණු සැසිය: උතුරු පළාත

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් නව දූෂණ විරෝධී පනත පිළිබඳ දැනුම්වත් කිරීමේ අරමුණින් සංවිධානය කළ පුහුණු වැඩසටහනක් උතුරු පළාතට අයත් පළාත් පාලන ආයතනවල නිලධාරීන්, පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් ඇතුළු ඉදිරි පළාත් පාලන මැතිවරණයන්ට තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අපේක්ෂකයින් සහභාගී කරගනිමින් පසුගිය දා පවත්වන ලදී.

වව්නියාව, මුලතිව්, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් මෙම වැඩසටහනට පැවැත්විනි. අල්ලස හා දූෂණය පිටුදැකීම පිළිබඳ කරුණු දැක්වීමක් සහිතව පුහුණු සැසිය ආරම්භ කළ අතර, නව දූෂණ විරෝධී පනතෙහි අන්නර්ගතය පිළිබඳව සහභාගි වූවන් දැනුම්වත් කරන ලදී. මෙහිදී, පැමිණ සිටි පිරිස ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම එකිනෙකා සමඟ බෙදාහදා ගැනීමටද උනන්දු වූහ.

Leave a comment

This website uses cookies to improve your web experience.