Skip links

දූෂණ විරෝධය පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීම

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් දූෂණ විරෝධය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගියදා ගාල්ල, මාතර, පුත්තලම සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සංවිධානය කරන ලදී.

දූෂණ විරෝධී පනතේ සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ පනතේ විධිවිධාන පිළිබඳව මෙහිදී මහජනතාව දැනුම්වත් කරන ලද අතර, දූෂණයට එරෙහිව සටන් කිරීමට නීතිමය මෙවලම් ලෙස ඒවා භාවිතා කිරීමට ඔවුන් දිරිමත් කරන ලදී. මෑතකදී හඳුන්වා දුන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති විය හැකි අවදානම පිළිබඳවද මහජනතාව දැනුම්වත් කරන ලදී.

සිවිල් සමාජ නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, පාසල් සහ පෙර පාසල් ගුරුවරුන්, ග්‍රාම නිලධාරීන්, පරිසර ක්‍රියාකාරිකයින්, මාධ්‍යවේදීන් සහ තරුණ තරුණියන් ඇතුළු සමාජයේ විවිධ අංශවලට අයත් ප්‍රජා නායකයින් 250 කට අධික පිරිසක් පොළොන්නරුව, කල්පිටිය, ඇල්පිටිය සහ වැලිගම ප්‍රදේශ වල පැවැති මෙම පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වූහ.

Leave a comment

This website uses cookies to improve your web experience.