ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ ත්‍රිකුණාමල මණ්ඩපයේ සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ උපාධි අපේක්ෂකයින් සඳහා කෙටි චිත්‍රපට තරඟයක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පවත්වන ලදී. කෙටි චිත්‍රපට නිර්මාණය සහ ඡායාරූප මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහනකින් අනතුරුව මෙය සංවිධානය කරන ලදී.
එහි සම්මාන ප්රදානෝත්සවය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ප්‍රධානී මහාචාර්ය චන්ද්රවතනි දේවදාසන්, සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ පීඨාධිපති ටී. බාස්කර්, භාෂා හා සන්නිවේදන අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය වී.ජේ. නවීන්රාජ්, පුහුණු වැඩමුළුවේ සම්පත්දායක ලෙස සහභාගී වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂිහාර් අනීස්, සහ TISL ශාඛා සහ ප්‍රජා අංශයේ ප්‍රධානී කේ.ගෞරිස්වරන් යන අයගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් 21 වැනි දින මණ්ඩප පරිශ්‍රයේදී පැවැත්විණි.
සම්මාන දිනා ගත් කෙටි චිත්‍රපට:
පළමු ස්ථානය:
දෙවන ස්ථානය:
තෙවන ස්ථානය: