Skip links

ආරාධනයයි: මාර්තු 12 ව්‍යාපාරය විසින් පවත්වනු ලබන ‘පිරිසිදු දේශපාලනයක් සඳහා එක් වෙමු’ වැඩසටහන

හිතවත් ශ්‍රී ලාංකිකයිනි,

ආරාධනයයි: මාර්තු 12 ව්‍යාපාරය විසින් පවත්වනු ලබන ‘පිරිසිදු දේශපාලනයක් සඳහා එක් වෙමු’ වැඩසටහන

පිරිසිදු දේශපාලනයක් සඳහා වූ මාර්තු 12 ව්‍යාපාරය යනු  මෙරටේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම උදෙසා පොදු  අභිලාශයකින් ක්‍රියාකරන සිවිල් සමාජ සංවිධාන එකට එක්ව අරඹන ලද්දකි. ඒ අනුව මාර්තු 12 ව්‍යාපාරය,  2015 වර්ෂයේ පටන් මෙරටේ විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුතු සදාචාරාත්මක රාජ්‍යකරණයක් ස්ථාපිත කිරීම උදෙසා අඛණ්ඩව කටයුතු කරමින් සිටින්නේ ය.

මේ වන විට අප රට පසුවන්නේ සමාජ-ආර්ථික හා දේශපාලන අර්බුද සහිත අභියෝගාත්මක සහ තීරණාත්මක කාල වකවානුවකයි. පිරිසිදු දේශපාලන සංස්කෘතියක් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අවැසි මූලධර්ම තහවුරු කිරීම ජාතික මැතිවරණයන් අභිමුව ඇති මේ මොහොතේ අන් කවරදාටත් වඩා අවශ්‍යව ඇත.

මෙම පසුබිම සැළකිල්ලට ගනිමින්, පිරිසිදු රාජ්‍ය පාලනයක් මෙන්ම නීතියේ ආධිපත්‍යය ඇති කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමත් අරමුණු කර ගනිමින් පවතින දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය  “පිරිසිදු දේශපාලනයක් උදෙසා එක්වෙමු” යන තේමාව යටතේ විසල් ජන ඒකරාශිත්වයකින් යුත් වැඩසටහනක් සංවිධානය කරනු ලබයි. සෑම තරාතිරමකම පුරවැසියන්, දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව මෙයට සහභාගි කරවා ගැනීම අපගේ බලාපොරොත්තුවයි.

අප සමාජයෙහි ධානාත්මක වෙනසක් අපේක්‍ෂාවෙන් කැපවී කටයුතු කරනු ලබන තැනැත්තන් හා සංවිධානවලට වෙන්වූ ප්‍රදර්ශන කුටිද දවස පුරා පැවැත්වෙන මෙම වැඩසටහනට ඇතුළත් වනු ඇත. සහභාගිවන්නන් අතර දැනුම බෙදාහැරීම, ඔවුන්ට අවශ්‍ය සේවාවන් සැපයීම සහ අදාළ සංවිධාන සමඟ එකට එක්ව ක්‍රියාකිරීමට කැමති පිරිස් සමඟ සම්බන්ධවීමට හැකි පසුබිමක් නිර්මාණය කිරීම මෙම ප්‍රදර්ශන කුටි මඟින් අපේක්‍ෂා කරනු ලබයි. ඒ ඒ  විෂයන්හි වඩාත් ප්‍රමාණික අවබෝධයක් සහිත කථිකයන් කිහිපදෙනෙක් මෙහිදී අදහස් දැක්වීමට නියමිත අතර, මෙම ජන ඒකරාශිත්වය අවසන් වීමට නියමිතව ඇත්තේ වැඩසටහනෙහි තේමාවට  අනුරූපව පැවැත්වීමට නියමිත සංගීත සන්ධ්‍යාවකිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය පුනර්ජීවනයක් සඳහා මූලික වන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ පිරිසිදු පාලනයක් ඇති කිරීමට අපගේ සාමූහික කැපවීම පෙන්නුම් කිරීම සඳහා මෙම වැඩසටහනට සහභාගී වන ලෙස අපි ඔබට කාරුණිකව ආරාධනා කරන්නෙමු.

වැඩසටහන පිළිබඳ තොරතුරු පහත පරිදි  වේ:

 

දිනය2024 මාර්තු 28
වේලාව: ප.ව. 4.00 සිට 6.30 දක්වා (ප.ව. 8.30 දක්වා සංගීත සංදර්ශනයක් පැවැත්වෙනු ඇත.)
ස්ථානය: විහාරමහාදේවී උද්‍යානය, කොළඹ 07

 

නදීෂානි පෙරේරා

සම කැඳවුම්කරු,

මාර්තු 12 ව්‍යාපාරය වෙනුවෙන්

Leave a comment

This website uses cookies to improve your web experience.