Skip links

ආයතනික පාලනය සහ දූෂණය වැළැක්වීමට ඒ හරහා කෙරෙන කාර්යභාරය: විද්වත් කතිකාව

“ආයතනික පාලනය සහ දූෂණය වැළැක්වීමට ඒ හරහා කෙරෙන කාර්යභාරය” යන මැයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් සංවිධානය කළ සංවාද මණ්ඩපයක් පසුගියදා කොළඹ මැන්ඩරිනා හෝටලයේදී පවත්වන ලදී.

මෙම විද්වත් කතිකාව සඳහා නීතීඥ ලක්ෂ්මන් ජයකුමාර්, ඩයලොග් සමාගමේ තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග මුණවීර, තැරැව්කරුවන් අධීක්ෂණය සහ ලැයිස්තුගත ආයතන අනුකූලතාව පිළිබඳ කොළඹ කොටස් වෙළඳපොළේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිලූපා පෙරේරා සහ ස්වාධීන සහ විධායක නොවන අධ්‍යක්ෂිකා ඇව්‍රෙල් ලුඩ්වික් සහභාගී විය.

TISL ආයතනයෙහි විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා විසින් මෙම සාකච්ඡා මණ්ඩපය මෙහෙයවන ලදී. ආයතනික පාලනයේ මූලික කරුණු සහ එය දූෂණය වැළැක්වීම සඳහා භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව විද්වත් මණ්ඩලය විසින් මෙහිදී පැහැදිලි කරන ලදී. ආයතනික පාලනයට අදාළ නෛතික රාමුව වැඩිදියුණු කිරීම සහ එය ක්‍රියාවට නැංවීමේදී මුහුණ දෙන අභියෝග පිළිබඳව ද ඔවුහු සිය අදහස් පළ කළහ.

ශ්‍රී ලාංකේය ව්‍යාපාරවල සුපිළිපන්නභාවය සහ විනිවිදභාවය සහිත සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විද්වත් මණ්ඩලය විසින් කරුණු දැක්වූ අතර, ආයතනික පාලනයට අදාළව දේශීයව හා ගෝලීයව පවතින ආදර්ශමත් භාවිතයන් සහ අනාගත ප්‍රවණතා පිළිබඳව ඔවුන් පැහැදිලි කරන ලදී.

මෙම අවස්ථාවට පුද්ගලික අංශය නියෝජනය කරමින් 35 දෙනෙකු පමණ සහභාගී විය.

Leave a comment

This website uses cookies to improve your web experience.