අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත (Proceeds of Crime Bill) ඉක්මන් කරමින් සම්මත කරවා ගැනීමට රජය විසින් උත්සාහ දරන බවට පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අපගේ දැඩි අවධානය යොමුවී ඇත. මීට හේතුව, මෙම පනත් කෙටුම්පත පිළිබඳව දේශීය විශේෂඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය ජනතාවගේ අදහස් හා ප්‍රතිපෝෂණ සහිත හරවත් සංවාදයක් සඳහා රජය මෙතෙක් ඉඩ විවර කර නොමැති වීමයි.
සොරකම් කරන ලද වත්කම් ආපසු ලබා ගැනීම සහ ඒවා කළමනාකරණය කිරීම සඳහා වන නීති රාමුව මෙම යෝජිත නිතිය මගින් හඳුන්වා දීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ තීරණාත්මක දූෂණ විරෝධී නීති සම්පාදනයක් වන මෙය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කර ගෙන ඇති එකඟතාවයෙහි ද ඇතුළත් කරුණකි. ‘සොරා ගත් ධනය ආපසු මෙරටට ගෙන්වා ගනු’ යන්න 2022 ජනතා අරගලයේ ප්‍රධාන සටන් පාඨයක් බවටද පත් විය.
මහජන සහ සිවිල් සමාජ උපදේශනය මගහරිමින් මෙම පනත් කෙටුම්පත හදිසියේ ගෙන ඒමට රජය උත්සාහ දැරීම ඉතා ගැටලු සහගතය. මෙම යෝජිත නීතියෙහි අපේක්ෂිත අරමුණ නිසි ලෙස ඉටු වන බව සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳ පුළුල් මහජන අදහස් විමසීමක් ආරම්භ කරන ලෙස TISL ආයතනය රජයෙන් ඉල්ලා සිටියි.
නදීෂානි පෙරේරා, විධායක අධ්‍යක්ෂිකා, TISL ආයතනය
මේ සම්බන්ධයෙන් අප විසින් මීට පෙර නිකුත් කළ නිවේදනය: https://sinhala.tisrilanka.org/%e0%b7%83%e0%b7%9c%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1/