අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ යෝජිත නීති රාමුව පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය සමඟ රැස්වීමකට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) පසුගිය සතියේ සහභාගි විය. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අමාත්‍යාංශ නිලධාරීන් සහ විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයින් එක්ව සිටියහ.
අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ යෝජිත නීති රාමුවෙහි වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන දිගින් දිගටම කළ ඉල්ලීම් අනුව අධිකරණ අමාත්‍යාංශය විසින් මෙම රැස්වීම කැඳවන ලදී.
යෝජිත නීති රාමුවෙහි දක්නට ලැබෙන ප්‍රධාන ගැටලු සහ ඒවා ආමන්ත්‍රණය කිරීම සඳහා වූ නිර්දේශ ඇතුළත් කොට TISL ආයතනය විසින් සකස් කළ සංක්ෂිප්ත වාර්තාවක් මෙම රැස්වීමේදී අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී. අදාළ විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නීති වෘත්තිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයින් සමඟ සාකච්ඡා වට කිහිපයකින් පසුව එය සම්පාදනය කරන ලදී.
මෙම රැස්වීමෙන් දින කිහිපයකට පසු, ‘අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ යෝජිත නීතියේ ප්‍රතිපත්ති සහ නෛතික රාමුව සහ විධිවිධාන කෙටුම්පත් කිරීමේ කමිටුව’ හමුවීමටද TISL ආයතනයට හැකි වූ අතර, එහිදී යෝජිත නීතියේ ඇති ගැටළු සහ ඒවා නිවැරදි කිරීම සඳහා වන නිර්දේශ කෙරෙහි කමිටුවේ අවධානය යොමු කරන ලදී. කමිටුව විසින් TISL ආයතනයේ දායකත්වය ධනාත්මක ලෙස භාර ගන්නා ලදී. සොරකම් කරන ලද වත්කම් නැවත අයකර ගැනීම සඳහා පුළුල් සහ ශක්තිමත් නීති රාමුවක් සහතික කිරීම සඳහා මහජන උපදේශනය අඛණ්ඩව සහ වැඩි උද්‍යෝගයකින් ලබා ගනු ඇතැයි TISL ආයතනය බලාපොරොත්තු වේ.