Skip links

අධ්‍යක්ෂ මංඩලය

පුලස්ති හේවාමාන්න (සභාපති)

 ඔහු මානව හිමිකම් සහ මහජන නීති නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥවරයෙකි.

ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී (LLB) උපාධිය ලබා ඇති ඔහු, ඉන් පසුව ජාත්‍යන්තර මානව හිමිකම් සහ ජාත්‍යන්තර පාරිසරික නීතිය පිළිබඳව නීති ශාස්ත්‍රපති (LLM) උපාධිය (විශිෂ්ඨ සාමාර්ථ සහිතව) ලන්ඩනයේ Kings College වෙතින් ලබා ඇත.  

ඔහු කොළඹ Royal Institute ආයතනයේ සාක්ෂි නීතිය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති අතර, කොළඹ International College of Business and Technology (ICBT) ආයතනයේද දේශන පවත්වා ඇත.

අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා කටයුතු කරන පුලස්ති, මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් පවත්වනු ලබන අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පාඨමාලාවක් හදාරමින් සිටියි.

එස්.සී.සී. ඉලන්කෝවන්

ඉලන්කෝවන් මහතා දර්ශනය සහ නීතිය පිළිබඳ උපාධි ලබා ඇති අතර, මදුරාසි විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

ඉන්දියාවේ සරණාගතයෙකු ලෙස වසර 17 ක් ගත කළ ඉලන්කෝවන් මහතා, ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හදාරන අතරතුර සරණාගතයින් සමඟ කටයුතු කළ සංවිධානයක උද්දේශකයෙකු ලෙස ක්‍රියා කළේය.

ඔහුගේ වෘත්තීය කටයුතු වල සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් වී තිබුණේ පුනරුත්ථාපනය සහ ප්‍රජා සංවර්ධනය, සරණාගතයින්, අවතැන් වූවන් සහ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ කටයුතු වෙනුවෙනි.  

යුද්ධයෙන් පීඩාවට පත් වූ කාණ්ඩවල අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ ජීවනෝපාය ඇතුළත් තිරසාර ප්‍රජා සංවර්ධන ක්ෂේත්‍රය කෙරෙහි ඔහු විශේෂයෙන් උනන්දු වන අතර, ඒ පිළිබඳ උද්දේශන කටයුතු වලට ඔහු සම්බන්ධ වී ඇත.

ඉලන්කෝවන් මහතා පසුගිය වසර 23 තුළම රාජ්‍ය නොවන සංවිධාන අංශයේ සේවය කර ඇත. ඉන් වසර 16ක්ම ශ්‍රී ලංකාවේ වන අතර, ZOA සහ Oxfam වැනි ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල (INGO) සේවය කර ඇත. ඔහු සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයෙහිද විවිධ තනතුරු දරමින් කටයුතු කර ඇත. 

ඉලන්කෝවන් මහතා දැනට ‘රාජ්‍ය නොවන සංවිධාන ජාතික ක්‍රියාකාරී පෙරමුණෙහි’  (National NGO Action Front- NNAF) උපදේශකයෙකි. ඔහු විශේෂයෙන් උතුරු, නැඟෙනහිර සහ වතුකරයේ NNAF සාමාජිකත්වය ඉහළ නැංවීමට ඔවුන්ට සහාය වෙයි.

රට තුල රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූල සංවිධාන සහ සංසද වලට බලපාන වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, මෙම පෙරමුණෙහි තිරසාර පැවැත්ම තහවුරු කිරීමටද සාමාජිකත්වය දියුණු කිරීමටද ඔහු සහය දක්වයි. ඔහු Diakonia සංවිධානයේ උපදේශකයෙක් ලෙසද කටයුතු කරයි.         

සඳුන් තුඩුගල

සඳුන් තුඩුගල Dublin විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ තොරතුරු පද්ධති පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSC) ද ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (BA) ද ලබා ඇත.

ඔහුට ජාතික හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ ව්‍යාපාර සමඟ කටයුතු කර වසර 20ක අත්දැකීම් තිබේ. සඳුන් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ (People’s Alliance for Right to Land- PARL) ආරම්භක සාමාජිකයෙකි.

මේ වන විට ඔහු Law and Society Trust (LST)  ආයතනයේ වැඩසටහන් සහ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි. LST ආයතනයෙහි ඔහු ඉඩම් සහ කම්කරු අයිතිවාසිකම්, සුළුතර ජනතාවගේ අයිතිවාසිකම්, පාලනයෙහි සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සහ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම පිළිබඳ වැඩසටහන් මෙහෙයවයි.

ඔහු ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) සහ දේවසරණ සංවර්ධන මධ්‍යස්ථානයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

ෆර්හාස් ෆාරුක්

ඔහු ශ්‍රී ලාංකික මූල්‍ය සහ කළමනාකරණ වෘත්තිකයෙක් වන අතර, එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කළමනාකරණ සහ ගිණුම්කරණ ආයතනවල පූර්ණ වෘත්තීය සාමාජිකත්වය ඇත. ඔහු එක්සත් රාජධානියේ Essex විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

ඔහුගේ දශක තුනක් පමණ වන සේවා පළපුරුද්ද තුළ කනිෂ්ඨ මට්ටමේ සිට ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව මට්ටම් දක්වා වන විවිධ තනතුරු හොඹවමින් ශ්‍රී ලංකාවේ සහ බහරේනයේ සේවය කර ඇති අතර, සිංගප්පූරුව, මාලදිවයින සහ එක්සත් රාජධානිය යන රටවලද කෙටි කාලයක් සේවය කර ඇත. බැංකු, මූල්‍ය, ආයෝජන සහ බලශක්ති ක්ෂේත්‍රවල සැලකිය යුතු සේවා අත්දැකීම් ඔහු සතුයි.

ෆර්හාස් උපාය මාර්ග සැකසීම සහ ක්‍රියාත්මක කිරීම, අභ්‍යන්තර සහ බාහිර පාර්ශවකරුවන් කළමනාකරණය, සහ නියාමකයා, විකුණුම්කරු සහ පාරිභෝගිකයා අතර සම්බන්ධතා කළමනාකරණය පිළිබඳව මනා දැනුමක් ඇත.  

ඔහුගේ මෑතකාලීන සාර්ථකත්වයන් අතරට බහරේනයේ තෙල් සහ ගෑස් සම්පත් පාලනය කරන මවු සමාගමේ මූල්‍ය, ගිණුම්කරණය, තොරතුරු තාක්ෂණය, මානව සම්පත්, පරිපාලනය සහ ආයෝජන ඇතුළු කාර්යයන් සහ මෙහෙයුම් ගණනාවක් සම්පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාවලියකට නායකත්වය දීම ඇතුළත් වේ. මෙම කාලය තුළ නව ආයතනික උපාය මාර්ග සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කරන ලදී. එහි අවසානයේදී, විවිධාංගීකරණ සහ නවීකරණ ව්‍යාපෘති සඳහා සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 3 කට වඩා අරමුදල් රැස් කිරීමට හැකි විය.

ඊට පෙර, ඔහු ආයෝජන බැංකුවක දශකයකට වැඩි කාලයක් සේවය කළේය. බැංකුවේ ආරම්භයක කාලපරිච්ඡේදයේ සේවයට එක්වූ ඔහු, ගිණුම්කරණය, වාර්තා කිරීම, සැලසුම් කිරීම, පාලනය, අනුකූලතාව පරීක්ෂා කිරීම, පද්ධති වෙනස් කිරීම සහ ඒකාබද්ධතා කණ්ඩායම් වල සේවය කරමින්, එය බහරේනයේ විශාලතම මූල්‍ය ආයතනය වීම දක්වා වර්ධනය කිරීමේ කොටස්කරුවෙකු විය.

නව කණ්ඩායම් පිහිටුවා අලුතින් කාර්යයන් හඳුන්වා දීම, ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි සැලසුම් කිරීම, කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ පුහුණු කිරීම, සහ මෙම නව කණ්ඩායම් සිය හැකියාවන් වර්ධනය කර ගන්නා තෙක් ඔවුන්ට මග පෙන්වීම ඔහුගේ රාජකාරිවලට ඇතුළත් විය.  

ෆර්හාස් එක්සත් ජනපදයේ විශාලතම ගිණුම්කරණ ආයතන හතරින් එකක සේවය කර පසුව බැංකු අංශයට මාරු විය.

මෑතක සිට ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

හනා ඊබ්‍රහිම්

Express Newspapers Ceylon Ltd විසින් ප්‍රකාශයට පත් කරන Daily Express/Weekend Express හි ප්‍රධාන කර්තෘ ඇය වේ. New York Times/Weekend Express සම-සන්නාමය සහිතව ප්‍රකාශයට පත් වන Turning Points වාර්ෂික සඟරාවේ ප්‍රධාන කර්තෘ ලෙසද ඇය කටයුතු කරයි.

වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් වන හනා ඊබ්‍රහිම්, ජනමාධ්‍යවේදය පිළිබඳ ශාස්ත්‍රපති  උපාධිය ලබා ඇත. ඇයට දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවල වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇත.

ඇය Ceylon Today (දිනපතා සහ ඉරිදා) පුවත්පතේ ආරම්භක කර්තෘ වන අතර, Sunday Standard පුවත්පතේ හිටපු කර්තෘවරියකි. Sunday Observer පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සම-කර්තෘ ලෙසද කටයුතු කළ ඇය, ‘Friday’ සතිපතා ටැබ්ලොයිඩ් පුවත්පත නිර්මාණය කර මුද්‍රණය කිරීම ආරම්භ කරන ලදී.  

ඇය මාධ්‍යවේදිනියක් ලෙස එක්සත් ජනපදයේ කෙටි කාලයක් සේවය කළාය. වැඩි කාලයක් ඇය ලෙස සේවය කළේ Gulf News පුවත්පත සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය. එහිදී ඇය සෝමාලියාවේ සහ බොස්නියාවේ යුද්ධවල සිට ඉරාකය විසින් කුවේට් ආක්‍රමණය කිරීම සහ ඊට පසුව ඉරාකයට එරෙහිව ඇතිවූ යුද්ධය දක්වා, පුළුල් පරාසයක ජාත්‍යන්තර ගැටලු ආවරණය කළාය. ඇය ලෝක නායකයන් කිහිපදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත.

ඇය South Asian Women in Media (SAWM) සමූහයේ සම-කැඳවුම්කාරියක් වන අතර South Asia Media Solidarity Network (SAMSN) සමූහයේ ආරම්භක සාමාජිකාවකි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ (Free Media Movement) විධායක සාමාජිකාවක්ද වන ඇය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ සහ Media Law Forum යන ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කරන්නීය. 

සදාචාරාත්මක සහ වෘත්තීයභාවයෙන් යුතු මාධ්‍ය කලාව, වගකිම් සහගත මාධ්‍ය කලාව, කාන්තා මාධ්‍යවේදීන් සවිබල ගැන්වීම, ප්‍රවෘත්ති කාමර තුල ප්‍රවර්ධනය කළ යුතු හොඳ පුරුදු, භාෂා කුසලතා වැඩිදියුණු කිරීම සහ තරුණ මාධ්‍යවේදීන් පුහුණු කිරීම ඇය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර වේ.

ලියොනිඩ් ප්‍රනාන්දු

ව්‍යවසාය සහ ආයෝජන බැංකුකරණය පිළිබඳ  පසුබිමක් සහිත ලියෝ ප්‍රනාන්දු,  නව සංචාරක සමාගමක් වන Travel Lanka Compass හි නිර්මාතෘවරයා වේ. එමගින් සංචාරක නිවාඩුවක් සැලසුම් කිරීම සහ අදාළ ස්ථාන කලින් වෙන්කරවා ගැනීම සම්බන්ධ සියලු කාර්යයන් එක් අතථ්‍ය (virtual) වේදිකාවක් මතට ගෙන එයි. බෙහෙවින් විසිරී ඇති ප්‍රවාහන කර්මාන්තය එකතු කර ගැනීම සඳහා ජංගම යෙදුමක් දියත් කළ ශ්‍රී ලංකාවේ පළමු ව්‍යවසායකයා ඔහු විය.

සමාගම් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් පිළිබඳ ගනුදෙනු සඳහා උපදෙස් ලබා දෙන ආයෝජන බැංකුවක් වන Platinum Advisors හි ප්‍රධාන විධායක නිලධාරියා/විධායක අධ්‍යක්ෂවරයා ලෙස ලියෝ කටයුතු කර ඇත. ඔහු New York නුවර පිහිටි පුද්ගලික කොටස් අරමුදලක් වන Lanka Strategic Investments හි ප්‍රධාන ආයෝජන නිලධාරියාද විය. 

සමාගමක තම අයිතිය විකිණීමට ඉඩ සලසන සැලැස්ම (exit strategy) පිළිබඳ විශේෂ අවධානයක් සහිතව ආයෝජන පර්යේෂණ වල නිරත වෙමින්, ඔහු අරමුදල සඳහා වෙළඳපල ප්‍රතිලාභ ලබා දීමට සමත් විය.  

ඔහු සිංගප්පූරුවේ හෙජ් අරමුදලක් (hedge fund) වන Millennium Capital Management හි විශ්ලේෂකයෙක් ලෙස සේවය කළ අතර, ආසියාවේ (ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, හොංකොං, තායිවානය, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල) ප්‍රධාන වෙළඳපොළවල ඇති බහුවිධ කර්මාන්ත වලට අදාළ වත්කම් මිල වැරදි ලෙස ගණනය කර ඇති අවස්ථා හඳුනාගැනීම, සහ එවාට ඇති වෙළඳ අවස්ථා හඳුනාගැනීම ඔහුගේ වගකීම් අතර විය.   

Amba Research ආයතනයේ උප සභාපති ලෙසද, ලන්ඩනයේ ගෝලීය ආයෝජන බැංකුවක පර්යේෂණ කණ්ඩායමේ රටින් පිටත සිට සේවය කරන විශ්ලේෂකයෙක් ලෙසද ඔහු කටයුතු කළේය.

මෙම කාලපරිච්ඡේදය තුළ ඔහු ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් වූයේ, විශාල ආයෝජන අරමුදල් කිහිපයක ගිණුම්කරණ ගැටලු සහ ඉපැයීම්වල ගුණාත්මකභාවය සොයා බැලීමට වාණිජමය වශයෙන් සාර්ථක පර්යේෂණ යෙදෙවුමක් නිර්මාණය කිරීමයි.

ලියෝ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ KPMG ආයතනයේ විගණන අංශයෙන් වන අතර, එහි අභ්‍යන්තර විගණන සහ ඉගෙනුම් සහ සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකරු තනතුර දක්වා ඉහළ ගියේය.

ලියෝ ප්‍රනාන්දු වරලත් මූල්‍ය විශ්ලේෂකවරයෙකු (CFA Charterholder) මෙන්ම වරලත් ගණකාධිකාරීවරයෙකි.

සෙනෙල් වන්නිආරච්චි

සෙනෙල් වන්නිආරච්චි ශ්‍රී ලාංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්ගේ සංවිධානයක් වන Hashtag Generation හි සම-නිර්මාතෘ සහ අධ්‍යක්ෂවරයෙක් වේ. ඔහු මේ වන විට ‘London School of Economics and Political Science’ (LSE) යන අධ්‍යයන ආයතනයේ ආචාර්ය උපාධි පර්යේෂකයෙක් වේ.

අධිරාජ්‍ය-විරෝධී මෙන්ම ජාතිකවාදී, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවයට පටහැනි සහ මානව හිමිකම්-විරෝධී දෘෂ්ඨි රාමු නීත්‍යානුකූල කිරීම සඳහා ‘සංස්කෘතිය’ සහ ‘උරුමය’ පිළිබඳ කතිකාව යොදාගෙන ඇති ආකාරය සොයා බැලීම ඔහුගේ පර්යේෂණයේ අරමුණයි.

ඔහු ‘Innovation for Change’ යන සංවිධානයෙහි දකුණු ආසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම ‘Men Engage Alliance’ සංවිධානයෙහි දකුණු ආසියානු මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු ද වෙයි.

Chevening ශිෂ්‍යත්වයක් යටතේ LSE අධ්‍යයන ආයතනයෙන් මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඔහු, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ලබා ඇත.

ඔහුගේ පර්යේෂණය Cultural Politics Journal සහ Handbook on Contemporary Sri Lanka (සමකාලීන ශ්‍රී ලංකාව පිළිබඳ අත්පොත) හි පළ වී ඇත.

This website uses cookies to improve your web experience.