2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් “දූෂණයට එරෙහිව තාරුණ්‍යය සමග එක් වෙමු! හෙට දවසේ සුපිළිපන්නභාවය ගොඩනඟමු!” යන තේමාව යටතේ රචනා තරගයක් උතුරු පළාතේ තරුණ තරුණියන් අතර සංවිධානය කරන ලදී.
අප වෙත රචනා 120ක් පමණ ලැබුණු අතර ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරාගනු ලැබූ ජයග්‍රාහකයින් තිදෙනෙකු වෙත මුදල් ත්‍යාග පිරිනැමිණි. මෙම අවස්ථාවට අල්ලස් හා දූෂණ විරෝධය පිළිබඳ දැනුම්වත් කිරීමේ සැසියක් ඇතුළත් වූ අතර, තරුණ තරුණියන් විසින් සුපිළිපන්නභාවය සහ විනිවිදභාවයේ වැදගත්කම ඉස්මතු කෙරෙන ප්‍රසාංගික අංගද ඉදිරිපත් කෙරුනි.
මෙහිදී කතා කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්. කබිල්නාත් සහ TISL ආයතනයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු ගෞරීස්වරන් කිරුපයිරාජා ශ්‍රී ලංකාව තුළ දූෂණයේ බලපෑම පිළිබඳව අවධානය යොමු කළහ. වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, යාපනය, මන්නාරම සහ අනුරාධපුරය යන ප්‍රදේශවලින් පැමිණි 95 දෙනෙක් පමණ මෙම අවස්ථාවට සහභාගි වූහ.