Skip links

“දූෂණයෙන් තොර පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම” පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීම

“දූෂණයෙන් තොර පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම” යන මැයෙන් ගාල්ලේ ප්‍රජාව දැනුම්වත් කිරීමේ සැසියක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් පසුගිය ඉරිදා (ජූලි 7) උණවටුන රොක් ෆෝට් හෝටලයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිවිල් සංවිධාන කිහිපයක එකතුවෙන් මීට මාස කිහිපයකට පෙර එළිදැක්වූ ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාවේ ප්‍රධාන නිර්දේශ පිළිබඳව TISL ආයතනයේ උද්දේශන කළමණාකරු ලසන්තිකා හෙට්ටිආරච්චි විසින් පැමිණ සිටි පිරිස දැනුම්වත් කරන ලදී. එම නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් යෝජනා කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට සමාන වන්නේ කෙසේද සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම යනාදිය වැඩසටහන අතරතුර දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයෙහි (පැෆ්රල්) විධායක අධ්‍යක්ෂ සහ මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉදිරි මැතිවරණවලදී ඡන්දදායකයින්ගේ වගකීම් පිළිබඳ පැහැදිලි කළේය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හේතුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති විය හැකි සීමාවන් පිළිබඳව TISL ආයතනයේ මාතර ශාඛා කළමනාකරු තුෂානි කන්දිල්පාන අදහස් දක්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ප්‍රජා සාමාජිකයින් 150 කගේ පමණ ක්‍රියාකාරී සහභාගීත්වය ලැබුණි.

Leave a comment

This website uses cookies to improve your web experience.