Skip links

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පෙළක්

2024 දෙසැම්බර් 9 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) එක් එක් දිස්ත්‍රික්කයන්හි පිහිටා ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ මධ්‍යස්ථාන සමඟ එක්ව ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පෙළක් සංවිධානය කරන ලදී.

පුත්තලම, කුරුණෑගල, බදුල්ල, හම්බන්තොට, මොණරාගල, කෑගල්ල, කළුතර, මඩකලපුව, නුවරඑළිය, මාතලේ, අනුරාධපුර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 12 ආවරණය වන පරිදි මෙම වැඩසටහන පැවැත්විනි. දූෂණ ක්‍රියාවන්හි අහිතකර බලපෑම් සහ විනිවිදභාවය සහ වගවීම පවත්වා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී ප්‍රජා නායකයින්, තරුණයින් සහ සිවිල් සමාජ සාමාජිකයින් ඇතුළු සහභාගිවූවන් දැනුම්වත් කරන ලදී.

රාජ්‍ය ආයතන ජනතාවට වගවන තත්ත්වයට පත් කර ගැනීම සඳහා පුරවැසියන්ට යොදා ගත හැකි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වැනි මෙවලම් පිළිබඳව මෙහිදී දැනුම්වත් කෙරිනි. දූෂණයට එරෙහිව සටන් කිරීමටත් ගම් මට්ටමේ සිට යහපාලනය ගොඩනැංවීමටත් පුරවැසියන්ට ඇති කාර්යභාරය මෙම වැඩසටහන තුළදී අවධාරණය කරන ලදී.

Leave a comment

This website uses cookies to improve your web experience.