ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් පාසල් සිසුන් සඳහා සංවිධානය කළ අල්ලස සහ දූෂණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සහ අන්තර්-පාසල් සුහද විවාද තරඟයක් පසුගියදා (අගෝස්තු 9) කොළඹ ලුම්බිණි විද්‍යාලයේදී පැවැත්විනි.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සහ ලුම්බිණි විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණඩායම් අතර “මෙරට අල්ලස සහ දූෂණය අවම කර ගැනීම සඳහා තොරතුරු දැන ගැනීමේ පනත සමාජගත වීම සාධනීය මට්ටමක පවතී/නොපවතී” යන මැයෙන් පැවති විවාද තරඟයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ජයග්‍රහණය ලැබීය.
අල්ලස සහ දූෂණයට එරෙහි වීම පිළිබඳව පාසල් සිසුන්ගේ දැනුම සහ ආකල්ප වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, TISL ආයතනයේ සුසැරි සෙවණ – කොළඹ ශාඛාව මගින් මෙය සංවිධානය කෙරිනි.
පාසැල් සිසුන් 100 දෙනෙක් පමණ සහභාගී වූ මෙම වැඩසටහනට ලුම්බිණි විද්‍යාලයේ විදුහල්පති සරත් ගුණතිලක සහ TISL ආයතනයේ නිලධාරීන් එක් විය.